අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් සෙනසුරාදා (04) පස්වරුවේ කොළඹ දී සිදු විය.
මෙම සාකච්ඡාවට පාදක වූවේ යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාරිලිමේන්තු කාරක සභා වඩාත් ඵලදායි ලෙස සක්‍රීය කිරීම යන කරුණුය.
එහිදී රජයේ ඉදිරි ක්‍රියා මාර්ග සහ ඒ මගින් රටේ ආර්ථික-දේශපාලන අර්බුදය සමහන් කර ගැනීම උදෙසා ගනු ලබන ක්‍රියා මාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිළි කිරීමක් කරන ලද අතර සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය එම ක්‍රියා මාර්ගයන්ට සිය ආශීර්වාදය ලබා දෙන බව සඳහන් කරනු ලැබීය.
එහිදී කරු ජයසූරිය මහතා වැඩි දුරටත් සදහන් කරන ලද්දේ, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම රජයේ ප්රමුඛ පියවරක් විය යුතු බව සිය සංවිධානය තරයේම විශ්වාස කරන බවය.එමෙන්ම රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඇති විය හැකි ආහාර අර්බුදය පිළිබදව සමස්ත සමාජයේම දැඩි අවධානයක් යොමු විය යුතුව ඇතයි ද කරු ජයසූරිය මහතා සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය සුජාතා ගමගේ, සුනිල් ජයසේකර, හරේන්ද්‍ර දසනායක සහ රිචර්ඩ් තනිප්පුලආරච්චි යන මහත්ම මහත්මීන් එක්ව සිටි අතර ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ පාලිත ළිහිණියකුමාර යන මහත්වරුන් "Skype" තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.
Lanka Newsweek © 2026